බෝ නොවන රෝග පරීක්ෂා කිරීමේ ව්‍යුහගත සේවාවක් නොමැතිකම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ආයතනවල පහළම මට්ටම හරහා ආමන්ත්‍රණය කරනු පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය 2011 වසරේදී නිරෝගී ජීවන රටා මධ්‍යස්ථාන ආරම්භ කරන ලදී. නිරෝගී ජීවනරටා මධ්‍යස්ථානවල ප්‍රධාන සේවා අරමුණ වනුයේ අවදානම් සාධක කල්තබා හඳුනාගැනීම සහ කන්තුක වාහිනී (හෘද) රෝගවලට ගොදුරුවීමේ වඩා ඉහළ අවදානමක් සහිත අය හට විශේෂිත සත්කාර සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම මගින් අවුරුදු 35ට වැඩි ජනතාවගේ අවදානම අඩු කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ / අධික රුධිර පීඩන ජාත්‍යන්තර සංගමයේ අවදානම් පුරෝකථන සටහන යොදා ගනිමින්, පරීක්ෂාවට ලක් කරනු ලැබූ සේවාලාභීන්ගේ 10 අවුරුදු කන්තුක වාහිනී රෝග අවදානම ඇගයීම පිණිස සමස්ත අවදානම් ප්‍රවේශය මත පදනම්ව ඹවුන් කළමනාකරණය කිරීමයි.