බෝ නොවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාලයේ අනුඒකකයක් වූ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධන ඒකකය, සාක්ෂි පාදක උපායමාර්ග හරහා සියලු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සංවිධානවල ප්‍රතිපත්ති තුළට ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම ප්‍රමුඛතාගත කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා උද්දේශනයට අදාළව ක්‍රියාකාරකම්වල නිරත වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගිතාවයෙන් ශ්‍රී ලංකාවේ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය පිණිස රෙගුලාසි සහ ප්‍රමිති සම්පාදනය සඳහා ජාතික මට්ටමේ ධාරිතාවය වැඩි දියුණු කිරීම පිණිස වන මූලාරම්භයන් මෙම ඒකකය ගෙන තිබේ. එසේම ප්‍රජාවේ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා ධාරිතා ගොඩනැගීම සහ සම්පත් සංවර්ධනය කිරීම සඳහ තාක්ෂණික නායකත්වය ලබා දෙනුයේ මෙම ඒකකයයි. තවද, ශ්‍රී ලංකා ප්‍රජාව වඩා ශාරීරිකව ක්‍රියාශිලීවිම පිණිස බලගැන්වීම පිණිස සිවිල් සමාජය සහ පුද්ගලික අංශය සංවිධානය කිරීම ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙම ඒකකය සම්බන්ධීකරණය කරයි.

අපේ කණ්ඩායම

  • වෛද්‍ය චිත්‍රමාලි රුද්‍රිගු (වැඩබලන විශේෂඥ වෛද්‍ය)
  • වෛද්‍ය එෆ්.ටී.එන්. මරික්කාර් (වෛද්‍ය නිලධාරී)
  • මධුශාණි හේවාවසම් මිය (ම.සෞ.ක.ස.)