ස්වකීය ආහාර පුරුදු වඩා යහපත් කරගැනීමට මහජනතාව සවිබල ගැන්වීමේ වැදගත්කම අවධාරණය කරමින්, සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රවර්ධනය සඳහා වෙනම තාක්ෂණික ඒකකයක් ජාතික බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලය ස්ථාපිත කර තිබේ. මෙම ඒකකයේ ප්‍රධාන කර්තව්‍ය වනුයේ “මූලික සහ ප්‍රාථමික නිවාරණ ක්‍රියාමාර්ගයක් ලෙස සහ බෝ නොවන රෝගවල ද්විතීයික සහ තෘතීයික සංකූලතා පාලනය පිණිස ජීවන චක්‍රය පුරා සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රවර්ධනය කිරීමයි”.

බෝ නොවන රෝග වැළැක්වීම උදෙසා මෙම ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අධ්‍යක්ෂ කාර්යාල සහ අනෙකුත් අමාත්‍යාංශ, ජාතික හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වේච්ඡා සේවකයන් සමහ සම්බන්ධීකරණයෙන් සහ සහයෝගිතාවයෙන් කටයුතු කරයි. සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා උද්දේශනය, ප්‍රජා දැනුවත්බව ඉහළ නැංවීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රවර්ධනය සඳහා කාර්යමණ්ඩලයේ ධාරිතා වර්ධනය කිරීම මෙම ඒකකයේ අනෙකුත් කාර්යයන්ට අයත් වේ.

අපේ කණ්ඩායම

  • වෛද්‍ය ශාන්ති ගුණවර්ධන (ප්‍රජා වෛද්‍ය විශේෂඥ)
  • වෛද්‍ය ධනුෂ්ක අබේගුණතිලක (ප්‍රජා වෛද්‍ය ලේඛාධිකාරී)
  • ප්‍රියංගනී ඩයස් මිය (වැඩසටහන් සැලසුම් නිලධාරී)