උපායමාර්ගික තොරතුරු කළමනාකරණ ඒකකය බෝ නොවන රෝගවලට අදාළ තොරතුරු කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලය තුළ ක්‍රියාත්මක අනුඒකකයකි. උ.තො.ක. ඒකකය හරහා තොරතුරු සඵලව කළමනාකරණය කිරීම, රට තුළ ඉහළ යමින් පවතින බෝ නොවන රෝග බරට අදාළ තොරතුරු බෙදාහදා ගැනීමට සහ ක්‍රියා පාදක තීරණ ගැනීම සඳහා හැකියාව ඇතිකරයි. උ.තො.ක. ඒකකය ජාතික මෙන්ම උප ජාතික මට්ටමේදී බෝ නොවන රෝගවලට අදාළ දත්ත ලබාගැනීම හා කළමනාකරණය කිරීම සිදුකරයි.

  • තොරතුරු කළමනාකරණය
    • සෞඛ්‍ය කළමනාකරණ තොරතුරු පද්ධතිය ස්ථාපිත කර පවත්වා ගනියි.
    • සෞ.ක.තො.පද්ධතියෙන් තොරතුරු සසඳා බැලීම, රැස්කිරිම, අර්ථ නිරූපණය සහ ප්‍රචාරණය.
    • e-IMMR සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වීම මගින් දත්ත පද්ධතියක් තුළ ජනගහණයේ බෝ නොවන රෝග මගින් සිදුවන මර්ත්‍යතාව සහ ග්ලාන්‍යය පිළිබඳ තොරතුරු ස්ථාපිත කර පවත්වා ගැනීම.
    • කාර්යසාධන දර්ශක සකස්කිරීම, සෞ.ක.තො.පද්ධතිය හරහා ඒවාගේ ප්‍රගතිය නිරන්තරයෙන් විමසා බැලීම සහ අවශ්‍ය පරිදි කණ්ඩායම මෙහෙයවීම.
    • සෞ.ක.තො.පද්ධතියේ ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම.
    • උචිත, උසස් මට්ටමේ තොරතුරු කළමනාකරණ පද්ධතියක් සහ වෙබ් පාදක ආවේක්ෂණ පද්ධතියක් ස්ථාපනය කර පවත්වා ගැනීම පිණිස පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය කණ්ඩායම් ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සහ ඉන් බාහිර ආයතන සමග සම්බන්ධිකරණය සහ ඒවාට තාක්ෂණික මගපෙන්වීම ලබාදීම.
    • ආවේක්ෂණ පද්ධති පිළිබඳ කාර්යමණ්ඩල නිපුණා වැඩිදියුණු කිරීමේ පුහුණු පැවැත්වීම.
    • Publication of the quarterly and the annual NCD bulletins and provide information to the Ministry of Health for its publication e.g. Annual Health Bulletin
    • ජාතික අවශ්‍යතා ප්‍රකාරව වාරික සමීක්ෂණ පැවැත්වීම සම්බන්ධීකරණය කිරිම.
  • පර්යේෂණ සාක්ෂි පාදක තීරණ ගැනිම සඳහා බෝ නොවන රෝගවලට අදාළ පර්යේෂණ සම්බන්ධීකරණය