දුම්කොළ භාවිතය වැළැක්වීම සහ පාලනය ආශ්‍රිත ක්‍රියාකාරකම් ඉටුකිරීම පිණිස බෝ නොවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාලය යටතේ මෙම ඒකකය ස්ථාපිත කරන ලදී.

දුම්කොළ නිවාරණ වැඩසටහන

බෝ නොවන රෝග පිළිබද අධ්‍යක්ෂ කාර්යාලය අනෙකුත් සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන පාර්ශවකරුවන් සමග සහයෝගිතාවයෙන් විවිධ වටපිටාවන් සහ ප්‍රජාවන් තුළ දුම්කොළ නිවාරණ හා පාලන වැඩසටහන් සඳහා නායකත්වය ලබා දෙයි. දුම්කොළ සහ දුම්වැටිවලින් තොර කලාප ස්ථාපිත කිරීම, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රජා සහාය ලබාගැනීම ආදිය ජාතික මට්ටමින් මේ සඳහා ගනු ලැබූ මූලාරම්භයන් කිහිපයකි. අදාළ කාර්යාලය පුහුණු කිරීම සහ ධාරිතා ගොඩනැංවීමේද මෙම ඒකකය නිරත වෙයි. “ප්‍රාථමික සෞඛ්‍යරක්ෂණ සැකසුමක් තුළ දුම්කොළ නිවාරණය සඳහා කෙටි මැදිහත්වීම්” නමින් පුහුණුවක් ආරම්භ කරන ලදී.

දුම්කොළ නිවාරණ උපදේශන සේවා

සෞඛ්‍ය සේවා ආයතනවල පිහිටි නිරෝගී ජීවනරටා මධ්‍යස්ථානවල දුම්කොළ නිවාරණ සායන ස්ථාපිත කරනු ඇත. සේවාලාභීන් ලියාපදිංචි කර හා ඇගයීම් කර දුම්වැටිවලින් තොර ජීවිතයක් සඳහා අනෙකුත් සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සමග කෙටි මැදිහත්වීම් සිදුකරනු ඇත.

අපේ කණ්ඩායම

  • වෛද්‍ය ඩිසාලා චන්දි වෙල්ගම (ප්‍රජා වෛද්‍ය ලේඛාධිකාරී)
  • එච්.එච්. ජේ. මධුෂාණි මිය (ම.සෞ.ක.ස.)