1. බෝ නොවන රෝග යනු මොනවාද?
නිදන්ගත හෝ ජීවනරටා ආශ්රිත රෝග ලෙස පොදුවේ හඳුන්වන ලබන බෝ නොවන රෝගවල හෘද රෝග, ආඝාතය, පිළිකා, නිදන්ගත පෙණහලු රෝග සහ දියවැඩියාව අයත් වේ.
2. වැඩියෙන්ම දක්නට ලැබෙන බෝ නොවන රෝග මොනවාද?
වැඩියෙන්ම දක්නට ලැබෙන බෝ නොවන රෝග හතර වනුයේ කන්තු වාහිනී රෝග (හෘදයාබාධ සහ ආඝාතය), පිළිකා, නිදන්ගත ශ්වසන රෝග (නිදන්ගත අවරෝධක පුප්ඵුශිය රෝග සහ ඇදුම) සහ දියවැඩියාවයි.
3. බෝ නොවන රෝගවල ඉහළ නැංවුණු බරට හේතු කාරක වන විකරණීය චර්යාමය සාධක මොනවාද?
බෝ නොවන රෝග ඇතිවීමේ අවස්ථා ඉහළ නංවන වැඩියෙන්ම දක්නට ලැබෙන හා විකරණීය අවදානම් සාධක හතර වන්නේ දුම්කොළ භාවිතය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර, ශාරීරික ව්‍යායාම් නොමැකිකම සහ මද්‍යසාර හානිකර ලෙස පානය කිරීමයි.
4. බෝ නොවන රෝගවල ඉහළ නැංවුණු බරට හේතු කාරක වන ජීවවිද්‍යාත්මක සාධක මොනවාද?
අධි රුධිර පීඩනය හෙවත් අත්යාතතිය, සිරුරේ බර වැඩිකම සහ ස්ථුලතාව, සෞඛ්‍යයට හානිකර චර්යාවන්හි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඉහළ නැංවුණු කොලස්ටරෝල් සහ ඉහළ නැංවුණු රුධිරගත ග්ලූකෝස් බෝ නොවන රෝගවල පුරෝකථක වේ.
5. අප දිනකට කෙතරම් එළවලු හා පළතුරු ප්‍රමාණයක් ගත යුතුද?
අප දිනකට පළතුරු හා එළවලු ග්‍රෑම් 400 ක් ගත යුතුය.
6. ලුණු/සෝඩියම් පරිභෝජනය සෞඛ්‍යයට හානිකරද?
නිර්දේශිත සීමාව තුළ ලුණු පාරිභෝජනය සෞඛ්‍යයට හානිකර නොවන නමුත් අධික ලුණු පාරිභෝජනය සෞඛ්‍යයට හානිකරය. අධික රුධිර පීඩනය ඇතිවීමේ වැඩි අවදානමක් එමගින් ඇති කරන අතර එය ආඝාතය හෝ හෘද රෝග සඳහා හේතු වනු ඇත.
7. ලුණු/සෝඩියම් අධික ලෙස අඩංගු ආහාර මොනවාද?
පොදුවේ ගත් කළ ක්ෂණික ආහාර, පිරිසැකසූ මස් වර්ග, චීස්, අච්චාරු, ලුණු සහිත කෙටි සැහැල්ලු ආහාර සහ ක්ෂණික නුඩ්ල්ස් වර්ග වැනි පිරිසැකසූ ආහාරවල ලුණු අධික ප්‍රමාණයක් අඩංගු වේ. ආහාර පිසීමේදී (මාංසසූප සහ සුප් කැට) සහ පිළිගැන්වීමේදී ද (සෝයා සෝස්, මාළු සෝස් සහ මේස ලුණු) ලුණු ආහාරවලට එකතු කරයි. බොහෝ පිරිසැකසූ ආහාරවල කල් තබාගැනීමේ ද්‍රව්‍යයක් ලෙස යොදාගන්නා සෝඩියම් ග්ලූටමේට්වල සෝඩියම් අඩංගු වේ.
8. ලබා ගැනීමට නිර්දේශිත ලුණු ප්‍රමාණය කොපමණද?
වැඩිහිටියෙකු දිනකට ගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5කට වඩා අඩුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත.
9. පුද්ගලයන්ට තමන් ගන්නා ලුණු / සෝඩියම් ප්‍රමාණය අඩුකර ගත හැක්කේ කෙසේද?
පහත ක්‍රියාමාර්ග මගින් පුද්ගලයන්ට තමන් ගන්නා ලුණු ප්‍රමාණය අඩුකර ගැනීමට පුළුවන.
- ආහාර පිසීමේදී ලුණු එකතු නොකිරීම,
- ලුණු වෙනුවට ඖෂධීය ශාක හා කුළුබඩු එකතු කිරීම,
- මේසය මත ලුණු ඉසගන්නා කුඩා බඳුනක් නොතැබීම,
- ලුණු සහිත කෙටි ආහාර සීමා කිරීම,
- අඩු සෝඩියම් සංයුතියක් සහිත නිෂ්පාදන තෝරා ගැනීම.
10. සීනි පාරිභෝජනය සෞඛ්‍යයට අහිතකරද?
අධික සීනි පරිභෝජනය සිරුරේ බරවැඩිකම සහ ස්ථූලතාවය, දත් දිරායාම සහ දියවැඩියාව සඳහා හේතුකාරක වන ප්‍රධාන සාධකයකි. කුමන හෝ සීනි වර්ගයක් එකතු කර ඇති ආහාර පරිභෝජනයට ගැනීම මගින් යමෙකු ලබාගන්නා සමස්ත ශක්ති ප්‍රමාණය වැඩිකර වඩා පෝෂ්‍යදායීව ප්‍රමාණවත් කැලරි අඩංගු ආහාර ගැනීම අඩුකිරීමට ඉඩ ඇති අතර එමගින් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම, බර වැඩිවීම සහ බෝ නොවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇති විය හැක.
11. සීනි වැඩියෙන් අඩංගු ආහාර මොනවාද?
පැණි රස බීම වර්ග, පැණිරසැති කෙටි සැහැල්ලු ආහාර සහ අනෙකුත් පැණිරස කෑමවල ඉහළ මට්ටමක සීනි අඩංගු වේ.
13. ශාරීරික ක්‍රියාකාරකම් යනු මොනවාද?
ශාරීරික ක්‍රියාකාරකම අර්ථ නිරූපණය කර ඇත්තේ ශක්තිය වැයකිරීම අවශ්‍යවන්නා වූ කංකාල පේශි මගින් ජනනය කරනු ලබන කවර හෝ ශාරීරික චලනයක් ලෙසය. ශාරීරික ක්‍රියාකාරකම්වලට ව්‍යායාම මෙන්ම ක්‍රීඩා කිරීමේදී, වැඩ කිරීමේදී, ඇවිදිම හෝ බයිසිකල් පැදීම හෝ වෙනත් ආකාරයකින් සිරුර වෙහෙසා ගමන් කිරීමේදී, නිවසේ එදිනෙදා කටයුතුවල නිරතවීමේදී සහ විනෝදාස්වාද කටයුතුවලදී සිරුරේ චලනය සිදුවන අනෙකුත් ක්‍රියාකාරකම් අයත් වේ.
14. ලෝක සෞඛ්‍ය සංවිධානයනිර්දේශිත ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම් කවරේද?
වැඩිහිටියන් සතිය පුරා විනාඩි 150 ක් මධ්‍යස්ථ තිව්රතාවයෙන් යුත් සවායු ශාරීරික ක්‍රියාකාරකම්වල හෝ සතිය පුරා විනාඩි 75 ක් දැඩි තීව්‍රතාවයකින් යුත් සවායු ශාරීරික ක්‍රියාකාරකම්වල හෝ මධ්‍යස්ථ සිට දැඩි තීව්රතාවයෙන් යුත් ව්‍යායාමවල සංයෝජනයක නිරත විය යුතුය. ළමුන් හා තරුණයන් දෛනිකව යටත් පිරිසෙයින් විනාඩි 60ක් මධ්‍යස්ථ සිට දැඩි තීව්‍රතාවයකින් යුත් ව්‍යායාමවල නිරත විය යුතුය. ඒවාට පවුලේ, පාසලේ සහ ප්‍රජා ක්‍රියාකාරකම් ආදියේ කොටසක් ලෙස සිදුකරන ක්‍රීඩා, සෙල්ලම් කිරීම, සිරුර වෙහෙසා ගමන් කිරීම, එදිනෙදා කටයුතු, විනෝදාස්වාද කටයුතු, ශාරීරික අධ්‍යාපනය හෝ සැලසුම්ගත ව්‍යායාම් ඒවාට ඇතුලත් විය හැකිය.
15. දෛනික ශාරීරික ක්‍රියාකාරකම්වල වාසි මොනවාද?
ජීවිත කාලය පුරා නිරෝගීබව සඳහා ශාරීරිකව සක්‍රීයව සිටීම අත්‍යාවශ්‍ය වේ. නිරතුරුව හා ප්‍රමාණවත් මට්ටමිකින් සිදුකරන ශාරීරික ක්‍රියාකාරකම්:
- අධි රුධිර පීඩනය, කිරීටක හෘද රෝග, ආඝාතය, දියවැඩියාව පියයුරු සහ මහාන්ත්රික පිළිකාව, විෂාදය ආදියේ අවදානම සහ ඇද වැටීමේ අවදානම අඩු කරයි.
- අස්ථි හා කාර්යබද්ධ සෞඛ්‍යය වැඩි දියුණු කරයි.
- ශක්ති තුලනයට හා සිරුරේ බර පාලනයට මූලික වෙයි.
16. ශාරීරික ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?
ශා.ස්.දර්ශකය ගණනය කිරීම සඳහා ඔබේ බර උසෙහි වර්ගයෙන් බෙදිය යුතුය. බර කිලෝග්‍රෑම් වලින් ද උස මීටර්වලින් ද මැනිය යුතු වේ.
ශා.ස්.ද. = බර (කි.ග්රෑ.)
= උස 2 (මීටර)
18. දුම්කොළ භාවිතය සෞඛ්‍ය කෙරෙහි කෙසේ බලපාන්නේද?
දුම්කොළ භාවිතය සෞඛ්‍යය කෙරෙහි මාරාන්තික බලපෑමක් ඇති කරයි. දුම්කොළ දුමෙහි යටත් පිරිසෙයින් පිළිකා කාරක රසායනික 69 ක් සහ ධූලක ලෙස හඳුනාගත් ද්‍රව්‍ය 100ක් පමණ තිබේ. පිළිකාව, පෙණහලු රෝග සහ හෘද රෝග ඇතුළුව නිදන්ගත රෝග ගණනාවක් සඳහා දුම්කොළ භාවිතය ප්‍රධාන අවදානම් සාධකයකි.
19. නිෂ්ක්‍රීය දුම්පානය යනු කුමක්ද?
නිෂ්ක්‍රීය දුම්පානය යනු දුම්පානය කරන්නෙකු විසින් ප්රාශ්වාස කරන ලද හෝ දැල්වෙන සිගරට්ටුවකින් හෝ සුරුට්ටුවකින් නිකුත් වන දුම් වෙනත් අයෙකු ආශ්වාස කිරීමයි.
20. නිෂ්ක්‍රීය දුම්පානය හානිකරද?
ඔව්, පෙනහලු පිළිකා හෝ අකාල මර්ත්‍යතාවයේ අවදානම ඉහළ නැංවීමට ඊට හැකිය.
21. නිරෝගී ජීවන රටා මධ්‍යස්ථානයක් යනු කුමක්ද?
අවුරුදු 35ට වඩා වැඩි පුද්ගලයන්ට රෝග පරීක්ෂා කිරීම් සිදුකිරීමට සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ සැපයීමට පහසුකම් ඇති සෞඛ්‍ය සේවා ආයතනවල (රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල) ස්ථාපනය කර ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වේ.
22. නිරෝගී ජීවන රටා මධ්‍යස්ථානයකින් සපයනු ලබන සේවා මොනවාද?
ඔබට දියවැඩියාව, අධි රුධිර පීඩනය, මස්තු කොලස්ටරොල් සහ ශරීර ස්කන්ධ දර්ශකය සහ කන්තුකවාහිනී රෝග, පිළිකා (පියයුරු පිළිකා, තයිරොයිඩ්ථ මුඛ) සහ ශ්වසන රෝග අවදානම් ඇත්දැයි මෙහිදී පරික්ෂා කරවාගැනීමට හැකිය. බර අඩුකරගැනීම, ශාරීරික ක්‍රියාකාරකම් සහ සෞඛ්‍ය ආශ්රිත අනෙකුත් මාතෘකා පිළිබඳව සෞඛ්‍ය කාර්යාලය එහිදී ඔබව දැනුවත් කරනු ඇත.