ප්‍රජා වෛද්‍ය විශේෂඥයකු ප්‍රධානත්වය දරනු ලබන සැලසුම් හා ධාරිතා ගොඩනැංවීමේ ඒකකය මධ්‍යකාලින හා වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමේ හා ආධාර ප්‍රදාන ආයතන ඇතුලුව විවිධ මූලාශ්‍රයන්ගෙන් ලැබෙන අරමුදල් ඵලදායීව යොදාගැනීම පිණිස ක්‍රියාකාරකම් ප්‍රමුඛතා ගතකිරීමේ නිරත වෙයි. දිස්ත්‍රික්කවල මධ්‍යකාලීන හා බහු ආංශික ක්‍රියාකාරී සැලසුම් සහ වාර්ෂික බෝ නොවන රෝග පිළිබඳ ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම පිණිස තාක්ෂණික මාර්ගෝපදේශ සැපයීම සහ දිස්ත්‍රික් මට්ටමේදී විවිධ ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරිම තමන් වෙත පැවැරී ඇති කාර්යය ලෙස ඒකකය සලකයි. බෝ නොවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම, ඇගයීම සහ අදාළ බලධාරීන් හා අරමුදල් සපයන නියෝජිතායතන වෙත වාර්තා කිරීම ද සැලසුම් ඒකක‍යේ වගකීමක් වේ.

බෝ නොවන රෝග ප්‍රතිපත්ති විධාන සහ උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරිම අදාළ සියලු පාර්ශවකරුවන් සමග අධීක්ෂණය කිරීම ජාතික මට්ටමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණ හරහා සපුරා ගනු ලැබේ. අදාළ දේශපාලන බලධාරීන්, බහු ආංශික හා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් සමග බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව, ජාතික මෙහෙයුම් කමිටුව සහ බෝ නොවන රෝග සඳහා උපදේශන මණ්ඩලය පැවැත්වීම සැලසුම් ඒකකයේ ප්‍රධාන කාර්ය භාරයකි.

බෝ නොවන රෝග වැළැක්වීම හා පාලනය කිරිම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව සහ ජාතික බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම වාරිකව ඇගයීම හා සංශෝධනය කිරීම සඳහා සැලසුම් ඒකකය සක්‍රීයව සම්බන්ධ වේ. සේවක සංඛ්‍යා ප්‍රතිමාන සංශෝධනය සහ සේවක සංඛ්‍යා ප්‍රක්ෂේපණය සඳහා උද්දේශනය මගින් පමණක් නොව අවශ්‍යතා ඇගයීම් පාදක පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා පැවැත්වීම පිණිස සෞඛ්‍යරක්ෂණ සේවකයන් සහ පුහුණුකරුවන් සඳහා සේවාස්ථ පුහුණු විෂයමාලාවක් සකස්කිරීම මගින් මානව සම්පත් සංවර්ධනය සඳහා ද ඒකකය වගකිව යුතු වේ.

තාක්ෂණික මගපෙන්වීම මගින් බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා දිස්ත්‍රික් මට්ටමේ සැලසුම්කරණ ක්‍රියාදාමය ශක්තිමත් කිරීම ඒකකයට පවරා ඇති කාර්යය වේ.

අපේ කණ්ඩායම

  • වෛද්‍ය අරුන්දික සේනාරත්න ප්‍රජා වෛද්‍ය විශේෂඥ
  • වෛද්‍ය ලක්ෂිමා නිලවීර වෛද්‍ය නිලධාරී
  • ඉන්දික බැද්දේවෙල මහතා සංවර්ධන නිලධාරී