හදිසි අනතුරු වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති ක්‍රියාකාරී මධ්‍යස්ථානය වන්නේ බෝ නොවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාලයයි. අචේතනීය හදිසි අනතුරු වැළැක්වීම කෙරෙහි එය මූලිකවම අවධානය යොමු කරයි. අනතුරු වැළැක්වීමේ වැඩසටහන වත්මනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥයකුගේ තාක්ෂණික මාර්ගෝපදේශනය යටතේ පවත්වනු ලැබේ.

සමස්ත වැඩසටහන 2016 වසරේ සම්පාදිත ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු වැළැක්වීම සහ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හා උපක්‍රමික රාමුවෙහි හඳුනාගෙන ඇති පුළුල් උපායමාර්ගික ක්ෂෙත්‍ර හතරක් යටතේ පවත්වනු ලැබේ. ඒවානම් උද්දේශනය, හවුල්කාරිත්වය සහ නායකත්වය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ අවදානම අඩුකිරීම, පශ්චාත් සිදුවීම් සත්කාර සහ ජාතික හදිසි අනතුරු ආවේක්ෂණය වේ.

උද්දේශනය, හවුල්කාරිත්වය සහ නායකත්වය

සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ අවදානම අඩුකිරිම

මේ යටතේ අනතුර සිදුවු ආකාරය, සිදුවූ ස්ථානය සහ ජාතික හදිසි අනතුරු ආවේක්ෂණ පද්ධතිය මගින් හඳුනාගනු ලැබු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අනුව වැඩසටහන් කිහිපයක් දියත් කර තිබේ. එම වැඩසටහන් අතුරින් කිහිපයක් පහත දැක්වේ.

  • මාර්ග ආරක්ෂාව
  • ජල ආරක්ෂාව
  • නිවෙස තුළ ආරක්ෂාව
  • ළමා හා වැඩිහිටි ආරක්ෂාව
  • සේවාස්ථාන ආරක්ෂාව

පශ්චාත් සිදුවීම් සත්කාර

බෝ නොවන රෝග ඒකකය මෙම වැඩසටහන දියත් කරනු ලැබූයේ 2016 වසරේදීය. ප්‍රථමාධාර විශේෂඥයන්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන පවත්වනු ලබයි. එහි අරමුණ වනුයේ යටත් පිරිසෙයින් එක් පවුලකින් එක් අයකුට මූලික ප්‍රථමාධාර පුහුණුව ලබා දීමයි. විවිධ කණ්ඩායම් සඳහා දිස්ත්‍රික් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් පුහුණු වැඩසටහන් පවත්වන අතර මූලික ප්‍රථමාධාර පුහුණුවේ ධාරිතාවය දිස්ත්‍රික් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් ශක්තිමත් කිරීම මේ වන විට බෝ නොවන රෝග ඒකකය විසින් හඳුනාගනෙ ඇති එක් ප්‍රධාන ක්ෂෙත්‍රයක් වේ.

හදිසි අනතුරු ආවේක්ෂණය

ජාතික හදිසි අනතුරු ආවේක්ෂණය රෝග හටගැනීමේ අනුපාතය අධීක්ෂණය කිරීමේ ආවේක්ෂණ ක්‍රමවේදයක් ලෙස 2016 වසරේදී දියත් කරනු ලැබීය. එය සංරචක හතරකින් සමන්විත වේ; බාහිර රෝගී ආවේක්ෂණය, අභ්‍යන්තර රෝගී ආවේක්ෂණය, මරණ ආවේක්ෂණය සහ සංක්‍රාමී ආවේක්ෂණය

අපේ කණ්ඩායම

  • වෛද්‍ය සමිතා සිරිතුංග ප්‍රජා වෛද්‍ය විශේෂඥ, අනතුරු වැළැක්වීමේ වැඩසටහනේ ජාතික වැඩසටහන් කළමනාකරු
  • වෛද්‍ය චිත්‍රාංගනී පෙරේරා ප්‍රජා වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛාධිකාරී
  • නිශාන්ත ප්‍රදීප් කුමාර මයා සංවර්ධන නිලධාරී